Wednesday, July 02, 2025
Follow Us
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේ මොකද වුණේ ?

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඉන්ධන, ගෑස් සහ විදුලිය අඛණ්ඩව ලබාදීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර තවත් ඉන්ධන නෞකාවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් ලබාදීමට ද එහිදී තීරණය කෙරුණු බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

රජයේ ස්ථාවරත්වය පිළිබඳ සහතිකයක් එම සාකච්ඡාවේදී ලැබුණු බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වී නැහැ.

(Neth)