Tuesday, July 01, 2025
Follow Us
යුද්ධ හමුදා යතුරු පැදි පාර්ලිමේන්තුවටත් එයි

සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්


ඊයේ දිනයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ අදහස් මතු වුණා.

මෙහිදී ඒ පිලිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ එම අවස්ථාවේ පොලිසියේ හැසිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවයි.

තවද එම හමුදා නිලධාරින් එම ස්ථානයට යාම අනුවන ක්‍රියාවක් වන අතර මෙවැනි ව්‍යාකූල අවස්ථාවකදී මෙම සෙබළු අට පාස් උදවිය වන අතර ඔවුන් කලබලයට පත් වී ඕනෑම දෙයක් සිදුවීමට පවා ඉඩ තිබූ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

(Aruna)