Tuesday, July 01, 2025
Follow Us
ස්වාධින කණ්ඩායම සිය ඉදිරි දැක්ම ගැන ඉඟියක් දෙයි

ස්වාධීන වූ සිය කණ්ඩායම ඉදිරියේ දී සහය දෙනු ලබන්නේ රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙලකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. සෑම අංශයකම ආර්ථික ප්‍රතිසංවිධානයක් ඇති කර ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ලබා දිය හැකි බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.

රටේ පවතින සැබෑ තත්ත්වය ජනතාවට දැනුම් දීමට මේ වන විට සිය කණ්ඩායමට අවස්ථාව උදා වී ඇති බවයි අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ මාස 06කින් පසුව මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

 

(Neth)