එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 73 වැනි උපන්දිනය අදට (24) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF වාර්තාව තවමත් නිල වශයෙන් නොලැබීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්ණ කළා.
ඇමරිකානු එම්.සී.සී. ගිවිසුමට ආණ්ඩුව අත්සන් නොතැබුවත් එම එම්.සී.සී. ගිවිසුම ඔස්සේ ක්‍රියාත්මක කිරීමට ගිය ඉඩම් මූල්‍යකරණ වැඩසටහනට අවශ්‍ය නීති සංශෝධන ආණ්ඩුව විසින් සිදුකරමින් පවතින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය චෝදනා කරයි.
රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැදවූ සර්ව පාක්ෂික සමුළුව අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වන බව දේශපාලන පක්ෂ 07 ක් තහවුරු කර ඇතැයි සඳහන්. ඒ අතරට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මෙන්ම යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අයත්.
රටේ ආර්ථිකය මේ වන විට ආපදා තත්ත්වයකට කඩා වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ එම තත්ත්වය මේ වන විට සෑම ජන කොටසකටම බලපා ඇති බවයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) නුගේගොඩ නගරයේදී පවත්වන විරෝධතා රැලියට දැවැන්ත සෙනඟක් සහභාගී වී තිබේ.
ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් කොටසක් භාවිතා කර ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙළඳසැල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 පාර්ලිමේන්තුවේදි අනාවරණය කළේය.
අද (23) පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් විමසීමක් කර සිටියේය.
වත්මන් ආණ්ඩුව ඇමරිකානු MCC ගිවිසුම නැවතත් වෙනත් ආකාරයකින් ගෙන ඒමට සූදානම් වන බවත් තමන් ඇතුළු ප්‍රගතිශීලී, දෑහිතකාමී ජනතාව විසින් නිර්මාණය කළ මේ ආණ්ඩුව අවලස්සන ඇමරිකානුවකු විසින් අද බංකොලොත් කරමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද (23) උදෑසන ආරම්භ වුණු සර්ව පාක්ෂික සමුළුවේදී පසුගිය යහපාලන රජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිදුකළ ප්‍රකාශයකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි පිළිතුරක් ලබාදුන්නේය.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙහි විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ පැවැත්වී තිබේ.
ආරක්ෂක පද්ධතියට මුවාවෙමින් මෙරට අහස සම්පුර්ණයෙන්ම ඉන්දියාවට විකුණා දැමීම සඳහා ඊයේ දින කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (22) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කළේය.
Page 183 of 549