හොරු සමග ආණ්ඩු කිරීමට කිසිසේත් සූදානම් නැ
වර්තමාන ජනාධිපතිවරයා සමග විකල්ප ගමනක් නැති බවත් රාජපක්ෂ පවුලෙන් ව්‍යුක්තව ආණ්ඩු කිරීමක් ගැන කතා කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස අද( 08 ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රට අද වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට විකල්පල යෝජනා 9ක් ඉදිරිපත් කරමින් හෙතෙම මේ අදහස් පල කළේය.
20 වැනි ව්‍යවස්ථාව යටතේ බිහි කළ සුපිරි බල තිබෙන විධායක ජනාධිපතිවරයකු යටතේ අන්තර්කාලීන හෝ භාර කාර ආණ්ඩුකිරීමට හැකියාවක් තියෙනවාද කියා තමන්ට ගැටළුවක් ඇති බවත් මෙහිදී ඔහු පැවසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළිත් බලාත්මක කර 20 වැනි ව්‍යවස්ථාව අහෝසි කරමින් ආණ්ඩුව තමන්ට භාරදීමට කැමැති නම් තමන් ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බවත් එසේ නොමැතිව දේශපාලන ඩීල් දැමීමට සමගි ජනබලවේගය සූදානම් නැති බවද විපක්ෂ නායක වරයා අවධාරනය කළේය.
මෙහීදී ඔහු හොරුන් සමග මොන ආණ්ඩුද යනුවෙන්ද ප්‍රශ්න කළ අතර පැන්ඩෝරා හොරකම, සීනි හොරකම, පාස්කු ප්‍රහාරය පිළිබදද අවධානය යොමු කරමින් මහ පාරේ දුක්ගින්දර තමන්ගේ තනතුරු සමග පටලවා ගැනීමට සූදානම් නැති බව ද කීය. ප්‍රතිපත්ති රකිමින් දේශපාලනයෙන් විශ්‍රාම යාමටද තමන් සූදානම් බවත් හොරුන් සමග වාඩි වී හොර ගිවිසුම් වලට සූදානම් නැතිබව නැවත නැවතත් අවධාරණය කළේය.
මින් පෙර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පෙරේදා(06) සමගි ජනබලවේගයේම මන්ත්‍රීවරයකු වන ආචාර්ය හර්ෂද සිල්වා ජනාධිපතිවරයා වශයෙන් පත් කීරීමට යෝජනාවක් ගෙන ආවේය. ඊයේ( 07) ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී විමල් වීරවංශ හරීන් ප්‍රනාන්දුගේ එම යෝජනාව අනුමත කරමින් පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීය.
(Aruna)