පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝවිට ඉඩ ඇතිබව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා. අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසලට පැමිණි හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
ස්වාධීන වූ සිය කණ්ඩායම ඉදිරියේ දී සහය දෙනු ලබන්නේ රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙලකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. සෑම අංශයකම ආර්ථික ප්‍රතිසංවිධානයක් ඇති කර ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ලබා දිය හැකි බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
ආණ්ඩුවට සහය දක්වන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේද ස්වාධීන වීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. ඔවුන්ගෙන් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස බවටයි වාර්තා වන්නේ.
ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළද විපක්ෂය සමඟ එක් නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමෙන් පසු ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
අවස්ථාවාදී ඇමතිකම් ලබාගැනීමට විපක්ෂ නියෝජනය කරන සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ නොපැමිණෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ඇමතිවරු නැති පනත් ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පලක් නැති අතර වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා රටේ පවතින තත්ත්වය ගැන සකාච්ජා කර තීරණ ගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
සාමකාමී උද්ගෝෂණ පැවැත්වීමේ අයිතිය රටේ ජනතාවට තිබෙන නමුත් කිසිවෙකුටත් දේශපාලනඥයන්ගේ ජීවිත හා දේපළවලට හානි කිරීමේ අයිතියක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසනවා. පසුගිය දින කිහිපය පුරා ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ජීවිත දැඩි අවදානමට ලක් වූ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
දුෂිතයින් රටින් පිටව යෑම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළවල් වසා කටයුතු කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කර සිටිනවා.
අද වනවිට රට මුහුණ පා ඇති අර්බුධයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ වත්මන් අගමැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කළේය.
රට තුළ පවත්නා අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
Page 182 of 554