යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ඊයේ (07) දිනයේත් කැඳවා තිබිණි.
අධිභාර බදු පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. මේ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම කමිටුව හමුවට කැඳවූ බවයි.
ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින ප්‍රබුද්ධ පිරිස් එකතු වී නව දේශපාලන ප්‍රවාහයක් ගොඩ නැගිය යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.
මේ මොහොතේ ශ්‍රී ලංකාවෙන් බැහැර යන අදහසක් තමන්ට කොහෙත්ම නොතිබුණු බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ජාවක් කැඳවා තිබෙනවා.
වත්මන් අර්බුදයේ කේන්ද්‍රය ජනාධිපතිවරයා බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවම වහාම ඉවත් විය යුතු බවයි.
පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තීරණය කරන බව සමගි ජනබලවේගය පවසනවා.
යළි කැබනට් අමාත්‍ය ධූර භාර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කළ බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරන බව ප්‍රධාන විපක්ෂ සංවිධායක සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විද්වතුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කර ඔවුන්ට ප්‍රධාන අමාත්‍ය ධූර කෙටි කාලයකට පැවරීම පවතින දේශපාලන අර්බුදයට ලබා දිය හැකි ප්‍රායෝගික විසදුමක් බව ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා පවසනවා. එසේ නොමැතිව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වුවද පවතින දේශපාලන අර්බුදය නොවිසදෙන බවයි ඔහු පෙන්වාදුන්නේ.
අද (07) දින ද ක්‍රියාත්මක පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අතර පසුගිය දිනවල මෙන් සුපුරුදු ලෙස හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
මේ වන විට හිස්ව තිබෙන මුදල් ඇමති ධූරය භාරගැනීමට අගමැති මහින්ද රජාපක්ෂ මහතා යළි සූදානමින් සිටින බව වාර්තා වෙයි.
Page 181 of 554