සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගයට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් තබා තිබෙනවා. ඒ, ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.
ආණ්ඩුවට එරෙහිව මහපාරේ අරගල කරන ජනතාවගේ හදගැස්ම සමග සමගි ජන බලවේගය එකට හිටගන්නා බවයි විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ලබා ගැනීම උදෙසා කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
(Neth)