Saturday, July 05, 2025
Follow Us
ගෝඨාභය දැන් කරන්න ඕන දේ ගැන නාමල් කියයි

ජනාධිපති වහාම ජාතිය ඇමතීමේ සූදානමක් ද ?


ජනාධිපතිවරයා විසින් වහාම ජාතිය ඇමතිය යුතුව ඇති අතර ඒ හරහා තම ඉදිරි සැලසුම රටට අනාවරණය කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

හෙතෙම මෙම අදහස් පල කර ඇත්තේ ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

“ජනාධිපතිවරයා මේ මොහොතේ තම කණ්ඩායම සමග ශක්තිමත්ව කටයුුතු කිරීම අවශ්‍යයයි. ඔහු දැනටමත් එය සිදුකරමින් පවතිනවා. ජනාධිපතිවරයා ජාතිය අමතා මේ අවස්ථාවේ පවතින සැලසුම් රටට ප්‍රකාශ කළ යුතුයි. ජනාධිපතිවරයා මේ මොහොතේ ගනු ලබන පියවර කුමක්ද කියලා ජනතාව අවධානයෙන් සිටිනවා. අර්බුද සඳහා පමණක් නොව රට ගොඩනැගීම සඳහාත් ජනතාව මේ වගේ එකමුතුබවකින් කටයුතු කරනවා දකින්න මම කැමතියි.”මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.

(Aruna