Saturday, July 05, 2025
Follow Us
රනිල් සහ මෙරට ලෝක බැංකු නියෝජිතයා අතර හමුවක්

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට ලෝක බැංකු නියෝජිතයා අතර හමුවක් පසුගිය 10 වනදා පැවැත්වී ඇති බව වාර්තා වේ.

රටේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳව මෙන්ම රට තුළ පවතින මහජන විරෝධතා සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වි ඇති බව සඳහන්.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ලෝක බැංකු නියෝජිතයා හමුවී සාකච්ඡා පවත්වා ඇත්තේ රජයේ නිලධාරීන් ලෝක බැංකු නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට පෙර වීම ද විශේෂත්වයකි.

(LNW)