Saturday, July 05, 2025
Follow Us
සජිතුත් රිවස් කරයි

ගෝඨාට එරෙහිව සජබ ගෙනා‍ දෝශාභියෝගෙට වෙන්න යන දේ


ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව සමගි ජනබලවේගය එළැඹෙන පාර්ලිමේන්තු සතියේ දී ගෙන ඒමට සූදානම් වූ විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට භාරදීම සතියකින් පමණ කල් දැමීමට තීරණය කර ඇත.

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කිරීමට නියමිත සාකච්ඡාවලට එය අහිතකර ලෙස බලපෑ හැකි බවට ආර්ථික උපදේශකයින් සිදු කළ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින් සජබේ මේ තීන්දුව ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන ඉරිදා( 17) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත අතර
එහි දී මෙම යෝජනා කතානායකවරයාට භාරදෙන කාලසීමාව පිළිබඳවද අවධානය යොමු කරනු ඇති බව වාර්තා වේ.

(Aruna)