ඉකුත්දා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාරගේ පක්‍ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවධානය යොමු කර තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබද සාකච්ඡා කරන බවයි එම පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ. ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැරූ සියළු තනතුරුවලින් මීට පෙර ඉවත් කෙරුණා.
මේ අතර අලව්ව මහරච්චිමුල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ නිවෙස ඉදිරිපිටට රැස්වූ පිරිසක් ඉකුත්දා විරෝධතාවයකද නිරත වුණා. ඒ, ඔහු රාජ්‍ය අමාත්‍යධූරයක් භාරගැනීමට විරෝධය පළ කරමින්. විරෝධතාව සඳහා පුද්ගලයින් 100 දෙනෙකු පමණ එක්ව සිටි බවයි වාර්තා වුණේ.
(Neth)