Saturday, July 05, 2025
Follow Us
 නාමල් ඉන්දීය මාධ්‍යයකට ජනාධිපතිගේ අඩුපාඩු කියයි

නාමල් විරෝධතා කරුවන්ට ඉන්දියාව හරහා පනිවිඩයක් එවයි


ජනාධිපතිවරයා මීට වඩා විවෘත විය යුතු බවත් ඔහු හා රජය රට වෙනුවෙන් කරන සැලසුම් ගැන ජනතාව දැනුම්වත් කළ යුතුව තිබුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

හෙතෙම මේ බව පවසා ඇත්තේ ThePrint නමැති ඉන්දීය ඊ පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

වර්ථමානයේදී ශ්‍රී ලංකාවේ ඇති වී ඇති අර්බුධකාරී තත්ත්වය පිළිබඳ අදාල ඊ පුවත්පත නාමල් රාජපක්ෂගෙන් කළ විමසීම් වලට පිළිතුරු දෙමින් හෙතෙම කිය සිටින්නේ

ජනතාව ආණ්ඩුව සමග උරණ වී සිටින්නේ ඇයි ද යන්න තමන්ට වැටහෙන බව යි. එසේ වුව ද, කෝපයෙන් පමණක් නොව විසඳුම් නොලැබෙන බවද විසදුම් සෙවීමට කාලය එළඹ ඇති බව ද ඔහු පැවසීය. කෙසේ වෙතත් විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දක්වන බවද හෙතෙම මෙහිදී පවසයි.

“මම එකඟ වෙන අපට ඇති ලොකු ම චෝදනාව නම්, අපි මිනිසුන්ට දැනුම් නොදීමයි,” ‘‘ජනාධිපතිවරයා ජාතිය අමතා ඔහුගේ සැලසුම් ගැන ජනතාවට පැවසිය යුතු” ව තිබුණා. යනුවෙන් ඔහු මෙහිදී පවසයි.
පවුල් පාලනය යන මතය ව්‍යාප්ත කරන ලද්දේ විපක්ෂය විසින් බව ද ඔහු පවසයි.

කෙසේ වෙතත්, මිනිසුන්ගේ කෝපය ඵලදායී නොවන අතර එය තවදුරට ත් අර්බුදයක් ඇති කළ හැකි බව ඔහු පවසයි.
විශේෂයෙන් ම, විරෝධතා නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උදව් කළ හැකි සංචාරකයින් ඈත් විය හැකි බව ඔහු වැඩිදුරට ත් පෙන්වා දෙයි.

(Aruna)