සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්ඡාවේදී අන්තර්කාලීන ආණ්ඩුව ගැන සාකච්ඡාවක් සිදුනොවූ බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග (10) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇත
(Aruna)