Saturday, July 05, 2025
Follow Us
නොනගතයට රටම වැඩ අත්හරිද්දී විරෝධතාකරුවන් අරගලය අත්නොහරී

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් ඉකුත් දා සිදුව තිබෙනවා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පක්ෂ 11 හේ එකමුතුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීනවූ මන්ත්‍රී කණ්ඩායමට ඒ සඳහා ඇරයුම් කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් ජාතික ජන බලවේගය සහ පක්ෂ 11හේ එකමුතුවේ නියෝජිතයින් ඊට සහභාගි වී නැහැ. සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මෙන්ම ඉරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඊට සහභාගි වී තිබෙනවා.

අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන්ද ඊට එක්ව ඇති බවයි වාර්තා වුණේ. මේ මොහොතේ පවතින ගැටළුවට විසඳුම විශ්වාසභංග ගෙන ඒම නොවන බව එහිදී හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වුණා.

(Neth)