Saturday, July 05, 2025
Follow Us
මෛත්‍රීපාල අවුරුද්දෙන් පසු කරන්න යන වැඩේ

හිටපු ජනාධිපති අධිකරණ නියෝගයට හිස නමයි


සිංහල අවුරුද්දෙන් පසුව රජයෙන් ලබාදුන් නව නිවසේ පදිංචියට යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පැවසීය.

හිටපු ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ලැබුණු නිවසෙන් සති හතරක් තුළ ඉවත්වන ලෙස අධිකරණයෙන් ලැබුණු නියෝගයට හිස නමා එම නිවසෙන් ඉවත්ව යන බව ඔහු පවසයි.

අදාල නිවස පිළිබඳව ලැබුණු අධිකරණ නියෝගය ඇතැමුන් තමන්ට මඩ ගැසීමට යොදාගෙන ඇති බවත් එම නිවස රුපියල් කෝටි 800 ක් වටිනා සුඛෝපභෝගි නිවසක් නොවන බවත් අදාල නිවස අයිතිකරගැනීමට තමන් උත්සහ කළේ යැයි ඇති ප්‍රචාර අසත්‍ය බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

(Aruna)