Wednesday, July 02, 2025
Follow Us
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂ නායක සජිත් අතර සාකච්ඡාවක්

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් 42 දෙනාගේ කණ්ඩායම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) දිනයේදී පැවැත්වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී එම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ඊයේ පැවති අතර විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස ද එහි පැමිණ ඔවුන් සමග සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාව පිළිබඳව දැන්ම තොරතුරු හෙළිකළ නොහැකි අතර තවදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙන යායුතු බවයි ඊට සහභාගී වූ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත සඳහන් කළේ.

(LNW