අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට ජනාධිපතිවරයා එකඟතාව පළ කරන්නේ නම් ඊට පත් කළයුතු අමාත්‍ය මණ්ඩලය පිළිබද පක්‍ෂ නායකයින් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
නව අගමැතිවරයෙකු ප්‍රමුඛ අන්තර්වාර ආණ්ඩුවක් බිහි කිරීමෙන් රට තුළ පැන නැගී ඇති ගැටළුවලට විසදුම් ලබාදීමට කටයුතු කළ හැකි බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර යෝජනා කර ඇති අන්තර්වාර ආණ්ඩුවේ අගමැති සහ අමාත්‍ය මණ්ඩලය සදහා පත් කළ යුත්තේ ජනතාවගේ චෝදනා ලක් නොවූ පිරිසක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසුවේ අගමැති ධුරය සදහාද මීට පෙර කටයුතු කළ අය ජනතාව පිළිනොගන්නා තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බවයි.
අගමැති ධුරය සදහා පත්කරන පුද්ගලයා පෙර කලයුතු තවත් කාර්යයන් කිහිපයක් සිදුකිරීමට තිබෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ඉකුත්දා ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.
(Neth