Thursday, November 06, 2025
Follow Us
අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍යධූර භාරගන්නවාද? හවුල්කාර පක්ෂ කථා කරයි

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් පක්ෂ එකොළහේ එකමුතුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂ එකොළහ සහ ශ්‍රී ලංකා පොඳුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනා එකොළහක් පසුගියදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා. ඒ අනුවයි ජනාධිපතිවරයා මෙම සාක්ච්ඡාව සදහා ඔවුන්ට ඇරයුම් කර ඇත්තේ.

(Neth)