Wednesday, July 02, 2025
Follow Us
නියෝජ්‍ය කතානායක ඉල්ලා අස් නොවන බව කියයි

කොන්දේසි දෙකක් යටතේ ගත් තීරණය


පසුගියදා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යැවූ රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉවත්නොවීමට තීරණ කර ඇත.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය පැවසුවේ කොන්දේසි දෙකක් යටතේ මෙම තීරණය තමන් ගත බවයි.

එම පළමු කොන්දේසිය ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ තමන් මෙම අප්‍රේල් මාසය සඳහා පමණක් එම ධුරයේ රැඳී සිටින බවය.

අනෙක් කොන්දේසිය ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ තමන් ඉල්ලා අස්වීම භාරදුන් අප්‍රේල් 05 වනදායින් පසුව නියෝජ්‍ය කතානායක ධුරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිත නොකිරීමය.

(Aruna)