අර්බුදය විසදා ගැනීමට නම් වහාම අන්තර්වාර පාලනයක් බිහිකළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, අද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
අඛණ්ඩව සිදුකරන මුදල් අච්චු ගැසීම හේතුවෙන් ආර්ථිකය තවත් දුර්වල වෙමින් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර දෝෂාභියෝගයක් ගෙනවිත් ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම මේ මොහොතේ ඉතා අපහසු බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා පවසනවා.
මේ අතර රටේ පවතින වත්මන් අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට විද්වතුන්ට හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් අද ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පිළිගත් ක්‍රමවේදයක් යටතේ පත් කිරීම් සිදුකරන්නේ නම් රාජ්‍ය පාලනයට මැදිහත්වීමට විද්වතුන් කණ්ඩායමක්ම මේවනවිටත් සූදානම් බවයි.
(Neth)