නැක්සලයිට් සහ භීෂණය ආයිත් එපා
මේ වන විට ඇති වී ඇති මහජන අරගලය සාමාන්‍ය මහජනතාව අතරින්ම මතු වී ඇති බවත් මීට දේශපාලන පක්ෂයක ලේබලය අලවා රට නැවතත් 83දී රට පත් කළ ව්‍යසනකාරී තත්ත්වයට පත් නොකරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සුමන්තිරන් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
1983 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගේ රජයට එරෙහිව පැන නැගුනු ජන අරගලයේදී විජය කුමාරණතුංග, වාසුදේව නානායක්කාර වැනි නායකයින්ට නැක්සලයිට් චෝදනා දමා සිරගත කළ අයුරැත් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර මහා ව්‍යසනයක් ඇති කර අයුරුත් මෙහිදී ඔහු සිහි පත් කළේය.
මේ වන විට පැන නැගී ඇති ජන අරගලයට ජවිපේ නායකත්වය දෙන බව පවසමින් 83දී ජයවර්ධන රජය කළ ව්‍යසනයට සමාන ව්‍යසනයක් මේ වන විට වත්මන් රජය ද ඇති කිරීමට සූදානම් වන බව මෙහිදී හෙතම පෙන්වා දුන්නේය.
(Aruna)