Tuesday, July 01, 2025
Follow Us
ජනපති ඉල්ලා අස් නොවන බව කියයි

පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්ත්වයක්


අද (06) දින රැස් වූ පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10ක කාලයකට තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස්නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

“ලක්ෂ්මන් කිරිඇල්ල අපේ සංවිධායක තුමාට මතක් කරනවා, ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දේ දීලා තියෙනවා. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවක් ලෙස ජනාධිපතිතුමා කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නෑ. අපි මේකට මුහුණදෙනවා.”

(Aruna)