කොළඹ දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙලක් තම රජයක් යටතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද යහපත් ජීවිතයක් උරුම කර දීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක අපේක්ෂාව වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අද පිළිගන්වනු ලැබුවා.
නිශ්චිත වැඩපිළිවෙළක් සකස්කර ඒ වැඩපිළිවෙළ නීතියක් බවට පත් කර සම්මත කර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර, දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කර ගන්නා ලෙසත්, තමන් දැනටමත් එම කටයුත්ත ඉටු කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට පැවසීය.
ජීවන වියදම අඩු කරන .. නව රැකියා හා ඉහළ වැටුප් හිමිවන .. බදු සහන ලබාදෙන .. ආර්ථිකය ප්‍රවර්ධනය කරන සහ සෑම පුරවැසියෙකුටම ඉඩමක් හෝ නිවසක් හිමිකර දෙන වැඩපිළිවෙළ ඇතුළත් :“රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වේ
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (04) අනිද්දා (05දා) හා 06දා යන තෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරිමට අවස්ථාවක් නොමැති රාජ්‍ය සේවකයන්ට තවත දෙදිනක් ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගත වූ පැය 24 කාලය (2024.08.26 ප.ව. 4.30 දක්වා) තුළ මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන පහතින් දැක්වේ.
වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් මා මැතිවරණ කරන්නේ නැහැ.
වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මගපෙන්වීම සහතික කිරීමට සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක් අවශ්‍යයි – ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනපති කියයි.
සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කිරීමේ උත්සවය, ව්‍යවසායක සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදී අද (31) පෙරවරුවේ පැවැත්විණි.
කායික දුබලතාවෙන් යුතු තැනැත්තන් ඡන්ද මධ්‍යස්ථාන යාම සහ ඊම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අනාගත ශ්‍රී ලංකාව ගොඩ නැඟීමට ව්‍යවස්ථාදායකයේ සියලුම සාමාජිකයින් එකඟ වූ ජාතික ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කර ගෙන තිබෙනවා.
මැතිවරණ අත්පත්‍රිකා ගෙන් ගෙට බෙදා හැරීම සඳහා පෙරහර හෝ පෙළපාලි ආකාරයට ජන සමූහ ලෙස ගමන් කිරීම තහනම් කර ඇත.
එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ ප්‍රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම්දී ඇත.
තවද මැතිවරණ සමයේදී දේශපාලන පුවත් හා ලිපි හෝ දැන්වීම් අතිරේක යනාදිය රජයේ හෝ රජයේ ආයතනවල වියදමින් පළ නොකරන ලෙසද දැනුම්දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රජයේ නිලධාරීන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකිය යුතු බවත් රජයේ කාර්යාල පාසල් ආදී කිසිදු ආයතනයක හෝ එම පරිශ්‍රයන්හි ඡන්ද ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, ප්‍රදර්ශන පුවරු හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව කොමිසම සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (26) සිදු කෙරිණි.
Page 13 of 544