Thursday, August 06, 2026
Follow Us
Political

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කළාය.

Political

පාර්ලිමේන්තුව ජුනි 17වනදා සිට 20වනදා දක්වා රැස්වීමට තීරණය වී තිබේ.

Political

යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද (06) අධි චෝදනා භාර දී තිබෙන බව වාර්තා වෙයි.

Political

සෞඛ්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා-නේපාල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

Political

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

Political

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සියලු සභිකයින්ගේ නම් මේ මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම්කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

Political
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී රැස්විය.
Political

විදුහල්පති වෘත්තීය සංගම් තුනක් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ(11) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Political

සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙක් එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

Political

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර් තේරීපත්ව තිබේ.

Political

කිසිඳු ලෙස­කින් මෙවර විදුලි බිල වැඩි­වීම පසු­ගිය දෙසැ­ම්බර් මාසයේ පැවැති විදුලි ගාස්තු ඉක්මවා නොයන බව කැබි­නට් මාධ්‍ය ප්‍රකා­ශක, ඇමති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

Political

සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා තේරී පත්විය.

Political

 පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16 වැනිදා) පැවැත්වේ.

Political

විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම ජන­ව­රම පාවා­දී­මක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය.

Political

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවත්, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට කඩිනමින් පවරා දීම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Political

පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව, මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් සමාලෝචන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

Political
ගම්පහ මහ නගර සභාවට තේරී පත්ව සිටින සභිකයින් වැඩ ආරම්භ කිරීම, පාර්ලිමේන්තු මන්ත්රී ලසිත් භාෂිත මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පුරපති කාර්යාලයේදී සිදු කෙරිණි.
Political

පාර්ලිමේන්තුව ජුනි 03 වැනි අඟහරුවාදා සිට 06 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ‌ඊයේ (23)  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.