මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.
පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රාමනාදන් මහතා මහතාට සභාව ඇමතිමට කාලය ලබා නොදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් එය විපක්ෂයේ වරදක් බවත් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පසුගිය රජයන් විසින් සිදු කර තිබෙන ක්‍රියාවන් බව වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.
පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත් අහෝසි කිරීමට රජය කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය.
ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමට රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා ය.
ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා පොහොර සහනාධාරය ලබා දිය යුතු කාල වකවානුව 2024 ඔක්තෝබර් පළවෙනි සිට 2025 පෙබරවාරි පළමුවනදා දක්වා බවත් ඒ සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරය රුපියල් 15000ක වාරිකයක් සහ රුපියල් 10000ක වාරිකයක් වශයෙන් අදියර දෙකකදී ලබා දීමට කටයුතු කරන බව අගමැතිනිය පෙන්වා දුන්නාය.
මේ වනවිට රුපියල් 15000ක පළමු වාරිකය ලබා දීලා තිබෙන අතර ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා සාධනීය සහ විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර තිබෙන බවත් ඒ සඳහා මේ වනවිට ගොවි සංවිධාන මගින් අදහස් ලබා ගනිමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
කුඹුරු ඉඩම් වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටෝන් 25239 දශම හතයි තුනක ප්‍රමාණයක් රජය විසින් නොමිලේ ලබාදීමට මේ වන විට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට 7වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් වුවහොත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වීම නවත්වන බවට තමා ප්‍රකාශ කළැයි කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කළ අපහාසයට රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ගොනුකර ඇති නඩුවේ උත්තර බැඳීම ලබන ජුනි 03 වැනිදාට සිදු කරන ලෙස කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය වගඋත්තරකාර පාර්ශ්වයට ඊයේ (21) නියම කළාය.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු විය.
හොරු ඇල්ලීම නිශ්චිත ක්‍රමවේදයක් මත සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (19) කළුතර, කටුකුරුදේ පැවති ජනතා හමුවක් අමතමිනි.
මෙවැනි ආණ්ඩුවක් ඉතිහාසයේ හැදෙන්නෙ නැති බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන බව ද පැවසීය. මැති ඇමැතිවරුන්ට තිබෙන සැප වාහන වෙන්දේසි කර භාණ්ඩාගාරයට මුදල් රැගෙන එන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා වර්තමාන ඇමැතිවරුන් සුඛෝපභෝගී වාහන, ඇමැති මන්දිර පාවිච්චි නොකරන බව ද කීය.
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, නුවර ජනාධිපති මන්දිරය හැර අනෙකුත් ඒවා පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කරන බව මෙහිදී සඳහන් කළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙතෙක් සිටි පාලකයන් මහජන මුදල් අයුතු ලෙස භාවිත කරමින් සැප වින්ද බව ද කීය. ජනතාවට මේ දේශපාන වෙනස අවශ්‍ය බව ද පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ක්‍රියා කරන බව ද කීය. වැටෙන්න පුළුවන් පතුලටම වැටුණු රටක් ජාතික ජන බලවේගය භාරගත් බව ද එම රට ගොඩනැඟීමට පියවරෙන් පියවර ජාතික ජන බලවේගය කටයුතු කරන බව ද සඳහන් කළේය.
රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේදී ඉන්දියාව ඉතා වැදගත් බව ද කී ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඉන්දියාව සමඟ සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ බව ද පැවසීය. ආසන්න වශයෙන් රුපියල් දහ ලක්ෂ විසිදහසක ආධාරයක් චීනයෙන් ලැබුණ බව ද පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙමඟින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට සහ පොදු සේවාවන් වර්ධනය කිරීමට ඒ මුදල් යොදවන බව ද පැවසීය.
“බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට වඩා අලුත් ප්‍රදර්ශන සහ සම්මන්ත්රණ ශාලාවක් කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට මූල්‍යමය ආධාරයක් ද චීනය ලබා දෙනවා. එය ඉක්මනින්ම අප පටන් ගන්නවා. එමඟින් ජාත්‍යන්තර සමුළු පැවැත්වීමේ කේන්ද්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ රට ගොඩනැඟීමට අවශ්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා මේ වනවිට මැදපෙරදිග කලාපයෙන් අපට ආරාධනා ලැබී තිබෙනවා. ආණ්ඩු ආණ්ඩු අතර එකඟතාවකින් තෙල් ගන්න පුළුවන්ද කියා සාකච්ඡා කරමින් තිබෙනවා” යැයිද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Dinamina
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (06), එහි අභිනව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
Page 12 of 550