ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා තේරී පත්විය.
උක්ත කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ බැවින් මෙම කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා තේරී පත් වූ අතර ඒ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රුවන් රණසිංහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී.
අභිනව සභාපතිවරයා හමුවේ අදහස් දක්වමින් සමාජික මන්ත්‍රීවරයන් පවසා සිටියේ මෙම කාරක සභාවේ විෂය පථය නිසි ලෙස හඳුනාගනිමින් කටයුතු කිරීමට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දෙනු ලබන බවයි. ඒ අනුව, ඉදිරියේදී සාකච්ඡා කළ යුතු කාලීන කරුණු කාරණා සහ කැඳවිය යුතු ආයතන සම්බන්ධයෙන් කාරක සභාව එකඟතාවයකට එලැඹීම මෙහදී සිදු විය.
මෙම කාරක සභා රැස්වීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අජිත් පී. පෙරේරා, එරංග වීරරත්න, අසෝක සපුමල් රන්වල, කේ. සුජිත් සංජය පෙරේරා, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, රුවන් මාපලගම, මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ