Wednesday, August 06, 2025
Follow Us
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන පිරිසක්
අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ , අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්රීවරයන්ට විවෘත කිරීමට පියවර ගන්නා බවද අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය (ආචාර්ය) හරිනි අමරසූරිය පැවසුවයා.

එමෙන්ම, අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධව අමාත්යාංශය මගින් සකස් කරනු ලබන වාර්තාව කාරක සභාවේ සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු මහජනතාවටද අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව ගරු අග්රාමාත්යතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළාය.

අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ අනු කාරක සභාව පළමුවරට ඊයේ (05) එහි සභාපති, ගරු අග්රාමාත්යතුමියගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ අදහස් පළවිය.
2026 වසරේදී පළමු හා හයවන ශ්රේණි සඳහා නව විෂයමාලා හඳුන්වාදීම සම්බන්ධ කටයුතු ද මේ දිනවල කඩිනමින් සිදුවෙමින් පවතින බවද අග්රාමාත්යවරිය මෙහිදී අවධාරණය කළාය.
අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදිය යුතු බව මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කලහ. ඒ පිළිබඳව පිළිතුරු ලබාදෙමින් අග්රාමාත්යතුමිය, විශේෂ මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති බවද සඳහන් කළාය. පළාත් 8ක අධ්යාපන බලධාරීන්ට දැනුවත් කිරීම් ද මේ වනවිට සම්පූර්ණ කර ඇති අතර, ඉතිරිව පවතින ඌව පළාත සඳහා ද දැනුවත් කිරීම කඩිනමින් සිදුකිරීමට සැළසුම් කර තිබෙන බවද අග්රාමාත්යතුමිය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.
 
මෙම රැස්වීමේදී නව විෂයමාලා හඳුන්වාදීමත් සමඟ ගුරුවරුන්ට ලබාදිය යුතු පුහුණු වැඩසටහන් හා පාසල්වලට සිදුකළ යුතු ගුරු අනුයුක්ත කිරීම් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. තවද පාසල්වල සංවර්ධන කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ද මෙහිදී අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම්වරයා කෙටි පැහැදිළි කිරීමක්ද සිදුකළේය.
 
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ප්රධානි සහ නියෝජ්ය මහ ලේකම් චමින්ද කුලරත්න, අධ්යක්ෂ ව්යවස්ථාදායක සේවා සහ අධ්යක්ෂ (වැඩ බලන) සන්නිවේදන එම්. ජයලත් පෙරේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.