Monday, February 09, 2026
Follow Us
අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුකේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය
අමාත්යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගේ පත්කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (09) හිමිවිය.
ඒ එම කාරක සභාව පසුගියදා ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්රාමාත්ය තුමියගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.
 
ඒ අනුව, බලශක්ති අමාත්යාංශයයේ ලේකම් ලෙස මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතාගේ පත්වීම, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් ලෙස කේ.එම්.ජී.එස්.එන්. කළුවැව මහතාගේ පත්වීම, කම්කරු අමාත්යාංශයයේ ලේකම් ලෙස එස්.එම්. පියතිස්ස මහතාගේ පත්වීම සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශයයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මියගේ පත්වීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.