මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.
කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් සාලි නලීම් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට එම්.එස්. අබ්දුල් වාහිද් මහතා මෙලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් පසුගිය ජූලි 03 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබුණි. මේ අනුව ඒ මහතා අද දින දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීම සිදු විය.
2000 වර්ෂයේ දේශපාලනයට පිවිසි ඒ මහතා 2006 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයෙන් පොතුවිල් ප්‍රාදේශීය සභාවට තේරී පත්විය. ඉන් අනතුරුව 2011 සහ 2018 පැවති පළාත් පාලන මැතිවරණවලින් ජයග්‍රහණය කරමින් පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කර ඇත. එසේම 2020 සහ 2024 පැවති පාර්ලිමේන්තු මැතිවරණවලදීත් ඒ මහතා තරඟ කර ඇත.