මාලිමාව පැමිණ තිබෙන්නේ මැරතන් දිවීමට බවත් මාලිමාව හති වට්ටා නැවැත්විය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතුවන බවත් මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය තුළ කිසිවෙකුට එකඟවිය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.
නව කැබිනට් මණ්ඩලය( ඇමැතිවරුන්) පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්‍ෂයේ සියලු පක්‍ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැත්වුණි.
අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
පතෝල වගේ නොඉඳ තමන්ගේ වගකීම් ඉටු කරන්න ඉඩ නොදෙන අයට එරෙහිව අධිකරණයට යාම හෝ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ජාතික ජනබලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවක් ලබන 20 වනදා පැවැත්වෙයි.
ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (21) තේරී පත්විය.
එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපදයේ නියෝජිතායතනයේ (USAID) සහාය ඇතිව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට ප්‍රතිපත්ති සංවර්ධන සහ රාජ්‍ය සේවයේ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සදහා සීමාවාසික පුහුණු වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි.
නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් පරාජයට පත් කෙරිණි.
හෙට (20) දිනයේ සිට ද පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
පාර්ලිමේන්තුව මාර්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට ඊයේ (16) නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පැවසීය.
ජත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් දීමට සූදානම් වෙද්දී එය කෙසේ හෝ කඩාකප්පල් කිරීමට පිරිසක් උත්සාහ කරන බව කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.
The MP has continuously maintained that talks were held between the Government and the team on the implementation of at least four proposals detrimental to Sri Lanka’s security.
Page 72 of 553