IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනාව සම්මතය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතයි.
ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය අද (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 95 කින් සම්මත විය.
මීට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 25 ක් හිමිවිය. මේ සම්බන්ධයෙන් වූ විවාදය පසුගිය 26 වැනිදා සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.