Thursday, November 06, 2025
Follow Us
මාර්ගස්ථ මගී ප්‍රවාහන බලපත්‍ර දීමට දේශපාලනයක් නැහැ

දේශපාලන මැදිහත් වීම් මත, මාර්ගස්ථ මගී ප්‍රවාහන බලපත් ලබා නොදීමට තමා උපදෙස් දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ පශ්‍ර්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මීට පෙර බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විවිධ වංචා, දූෂණ, අක්‍රමිකතා සහ විවිධ චෝදනා රාශියක් එල්ලවී ඇතැයිද, එමනිසා මේ සඳහා ක්‍රමවත්, විනිවිද පෙනෙනජාතික වැඩසටහනක් සකස් කිරීමකින් තොරව කිසිම කෙනෙකුට ස්ථිර මාර්ග බලපත්‍රයක් ලබා නොදෙන ලෙස නියෝගය කළ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරි දින 30 තුළදී මාර්ග හා බලපත්‍ර ලබාදෙන ක්‍රමවේදය පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යවල දැන්වීමක් පළකර බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

මෙවැනි චෝදනා පවතී නම් ඒවා ඔප්පු කර අවශ්‍ය අයට නිසි දඬුවම් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාල සියලු සාක්ෂි කැඳවා අපක්ෂපාතී වාර්තාවක් තමාවෙත ලබාදෙන ලෙස පොලිස්පතිතුමාට නියම කර ඇති බවද අමාත්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.