ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
එළඹෙන මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ ඒ ඒ දිස්ත්‍රික්වලට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදන රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබේ.
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දා පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් ගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිගෙන තිබෙන බව වාර්තා වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජනවාරි මස 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ලබන පෙබරවාරි 08 වැනිදා පෙ.ව 10.00 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7,000 ක් යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
ව්‍යවස්ථාදායක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 03ට රැස්වීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දවිමසීමේදී කිසියම් කායික දුබලතාවයක් සහිත යම් තැනැත්තෙකුට පයින් හෝ පොදු ප්‍රවාහන සේවයකින් ඡන්ද පොළට යාම හෝ ඒම කළ නොහැකි නම් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ කරන්දෙනිය ආසන බල මණ්ඩලයට සහභාගී වන ලෙසට කර තිබූ ආරාධනාවකට අනුව, අද පැවති ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වූ බව අමාත්‍ය මනූෂ නානායක්කාර එක්ව සිටියේය.
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්, බලයට පත්වූ සියලු පාලකයන් මෙතෙක් සිදුකළේ ජනතාවට සේවය කිරීම වෙනුවට තම පැවැත්ම වෙනුවෙන් බලය අවභාවිත කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
කොමිෂන් සභාවන්හි සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත්‍ර කැඳවා තිබෙන අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 15න් අවසන් වේ.
ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
Page 73 of 549