Thursday, November 06, 2025
Follow Us
රටට අවශ්‍ය වන්නේ ජාතික වැඩපිළිවෙළක් සජබේ කියයි

රටට අවශ්‍ය වන්නේ ජාතික ආණ්ඩුවක් නොව ජාතික වැඩපිළිවෙළක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ජාතික ආණ්ඩුවක් ගෙන ඒමට ආණ්ඩුව උත්සහ දරන්නේ අමාත්‍ය ධූර බෙදා ගැනීමේ අරමුණින් බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඔහු ප්‍රකාශ කළේ ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් සජබ කිසිවිටෙක විරුද්ධ නොවන බවයි.
-Neth