Thursday, November 06, 2025
Follow Us
තරුණයන්ගේ අපේක්ෂාව ගැන හිටපු ජනාධිපතිනිය කතා කරයි

 

තරුණයන් අපේක්ෂා කළ වෙනස වසරක් ගත වුවද මෙතෙක් සිදු වී නැති බව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

කොළඹ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළ අතර විවිධ නායකයින් මේ රට හැදුවා බව ද ඇය ප්‍රකාශ කළාය.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය .
" සමහරු රට විනාශ කළා. මේ සියල්ල බලන කොට අපි ඉදිරියට ගිහිල්ලා නැහැ. මම නම් ලැජ්ජා වෙනවා. අපි ගොඩාක් ඉදිරියෙන් හිටියේ. නිදහස ලැබෙන වේලාවේ අපිට වැඩිය ගොඩාක් පිටුපසින් හිටිය රටවල් අද කොතැනද සිටින්නේ. අපි කොතැනද සිටින්නේ . අපේ තරුණ ප්‍රජාව අපිට රැඩිකල් වෙනසක් අවශ්‍ය කියලා මහා සටනක් ආරම්භ කළා දැන් අවුරුද්දකට පෙර. ඒ් සටහන පුදුමාකාර විදියට සාර්ථකත්වයක් ලැබුවා. රජය ගෙදර යා යුතුයි කිව්වා.ගෙදර යැව්වා. ඊට පස්සේ වෙනසක් අවශ්‍ය කිව්වා. ඒක සිද්ධ වෙලා නැහැ. අවුරුද්දක් තුළ ඒ් රැඩිකල් වෙනස සිද්ධ වෙලා නැහැ."