Friday, March 20, 2026
Follow Us
ජී.එල්. පීරිස්ගෙන් නිවේදනයක්

අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, එම රැස්වීමේ ගන්නා ලද සියලු තීරණ ශුන්‍ය හා ක්‍රියාවිරහිත වන අතර, ඒවාට කිසිම වලංගු භාවයක් අයත් නොවන බවය.

මේ අතර එම තීරණ නීතිවිරෝධී බවට ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීරණ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් සඳහන් කරයි.

Aruna