මිනිස්සු ජීවත් කරවීමට, සිස්ටම් එක චේන්ජ් කිරීමට අපිට කලබලයක් තිබූ බවත්, ජනතාව රවටන පටු දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකිවීම නිසා තවත් පිරිසක් කලබල වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
කලබලේ ඇයි දැන් රට පුරාත්, ලෝකය පුරාත් ගොස් කෑ ගසන්නේ රට එදා තිබුණ තත්වයෙන් අද තිබෙන තත්වයට ගොඩ නැගීම නිසා කලබල වී සිටින පිරිස් බවත් අද (19) උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේය
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.
ගිය අවුරුද්දේ මැයි මාසය වන විට රට තිබුණ තැන අපිට මතයිනේ. තෙල් නැති, ගෑස් නැති, පෝලිම්වල ගහගනිපු, සංචිත බිංදුවට වැටුන රටක ජීවත් වුන අපිට ඒ තැන ඉදලා රට අද තිබෙන තැනට අරගෙන එන්න අපිට කලබලයක් තිබුණා. මිනිස්සු ජීවත් කරවන්න අපිට කලබලයක් තිබුණා. මිනිස්සු පෝලිම්වල මිනිස්සු මැරෙන්නේ නැති තැනට අරගෙන එන්න අපිට කලබලයක් තිබුණා. වහලා දාලා තිබුණ පාසල් ටික විවෘත කරන්න අපිට කලබලයක් තිබුණා. නැවත අධ්‍යාපනය පටන් ගන්න අපිට කලබලයක් තිබුණා. වහලා තිබුණ විශ්ව විද්‍යාල යළිත් විවෘත කරන්න අපිට කලබලයක් තිබුණා. වහලා තිබුන සංචාරක හෝටල් යළි විවෘත කරන්න අපිට කලබලයක් තිබුණා. නීතිය හා සාමය ස්ථාපිත වූ රටක් නිර්මාණය කරන්න අපිට කලබලයක් තිබුණා.