Monday, May 04, 2026
Follow Us
ජනපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.

එම රැස්විම ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සහ ඊට අදාළ ඡන්ද විමසීම පිළිබඳවත් උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් සම්බන්ධවත් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.