Thursday, November 06, 2025
Follow Us
කැබිනට් මණ්ඩල අනු කමිටුවක් රැස්වෙයි

විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පතක් සකස් කිරීමට සහ විද්‍යුත් විකාශන ආයතන සඳහා තිපත්ති සකස් කිරීම වෙනුවෙන් පත් කර ඇති අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ඊයේ (18) ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී රැස්විය.

එම පනත් කෙටුම්පත හා විකාශන ආයතන සඳහා වන ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් වන මෙම විශේෂ සාකච්ඡාව එම අනු කමිටුවේ සභාපති අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අමාත්‍ය අනු කමිටුවේ සාමාජිකයින් වන ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,සෞඛ්‍ය අමාත්‍ය අචර්ය,කෙහෙලිය රඹුක්වැල්ල, වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය නිරංජන් ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෝචනා පීරිස් , ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ඩබ්ලිව්. පී. සෙව්වන්දි ,විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජයන්ත ද සිල්වා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නීති නිලධාරී යුරේකා වේලාරත්න, මහාචාර්ය රොහාන් සමරජීව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහකාර නීති කෙටුම්පත් සම්පාදක චතුරිකා කපුරු බණ්ඩාර යන මහත්ම මහත්මීන්, ජනමාධ්‍ය අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන්ද මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.