Friday, March 20, 2026
Follow Us
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ පත්වූහ .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවත,පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (22) පැවැත්වීණි.

මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණු අතර ,එහිදී නව සභාපතිවරයෙකු තෝරා ගැනීම සිදු වූ අතර, අනෙකුත් හිටපු නිලධාරි මණ්ඩලය ඒ අයුරින්ම පත්වූහ .
පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ මහසභාවේ ඒකත් ඡන්දයෙන් පත්කර ගත්හ.