Thursday, November 06, 2025
Follow Us
එල්ටීටීඊය පරාජය කළේ ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතින්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට පෙර ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා වන පනතක් රටේ ක්‍රියාත්මක වූ බවත් තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ එම පනත නිසා බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අලුතින් ගෙන ඒමට නියමිත පනතේ හොඳ නරක පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් කර ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවත් ඒ අනුව සංශෝධන අවශ්‍ය වන්නේ නම් ඒවා කර ගැනීමේ අවස්ථාව පවතින බවත් ඒ මහතා කීය.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීමට ඊයේ (19) මහනුවරට පැමිණි අවස්ථාවේ සිරිසේන මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.