පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් තීරණය කර තිබේ.
පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
2019 ඔක්තෝබර් මස 11 වන දින පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් කර තිබේ.
ඒ අනුව අදාළ යෝජනාව පළමු වර කියවීම ලබන 25 වැනිදා සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කළේය.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත් පෙර පැවති ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතී.
-Aruna