Thursday, November 06, 2025
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්න -විපක්ෂ නායක

හරිත පක්ෂයක් ලෙස එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ගැන පැහැදිලි මතයක් දරන බවත් මේ සිදුවීම් සිදු වී දින කිහිපයක් ඇතුළත එවක ජනාධිපතිවරයාට ලිපියක් මඟින් අපක්ෂපාතී විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වා සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවැසීය.

ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කෙළේය.

තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

අවස්ථා ගණනාවක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශය සහ පුවත්පත් නිවේදන නිකුත් කළා. අද හැමෝගේම ජනප්‍රිය මාතෘකාව මෙය වුවත් මේ ගැන මුල් අවදියේ සිටි කථා කරන විට බහුතරයක් දෙනා මෙය සමච්චලයට ලක් කළා. එහි ප්‍රතිඵල මේ වන විට අප විඳිමින් සිටිනවා.අයි.එම්.එෆ් .එකෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ට වඩා මෙමඟින් සිදු වූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් .

වත්මන් ජනාධිපතිවරයා යටතේ දක්ෂ පක්ෂ සුහුරු ආණ්ඩුවක් නිර්මාණය වූ බවට පැවසුවත් මේ ආණ්ඩුව මේ වන විටත් ක්‍රියාත්මක කරන්නේ ගජ මිතුරු ධනවාදයයි.

Dinamina