Thursday, November 06, 2025
Follow Us
ප්‍රවාහන ඇමැති දුම්රියේ වෙනස් කළ යුතු තැන කතා කරයි

දුම්රිය සේවය වෙනස්කම් කිරීමට නම් දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කළ යුතු බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මාහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද(28) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

2021 වසරේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ ආදායම බිලියන 2.9ක් බව පැවැසූ ඇමැතිවරයා, අතිකාල දීමනා සඳහා රුපියල් බිලියන 2.3කුත්, වැටුප් ලෙස බිලියන 7කුත් ගෙවීමට සිදු වූ බව කියා සිටියේය.

අතිකාල දීමනා වැඩිදුර ගෙවීමට සිදුව ඇත්තේ විශ්‍රාම යන රියදුරන් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට සිදුව ඇති හෙයින් බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

තෙල් ප්‍රවාහන අවශ්‍යතාවයෙන් දුම්රිය සම්පූර්ණ කරන්නේ සියයට 40ක් බවත් තව සියයට 60ක් ප්‍රවාහනය කිරීමට සිදුව තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට සහය දෙන ලෙස අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.