පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එම විශ්වාසභංග යෝජනාව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
US Ambassador Julie Chung said that the United States Agency for International Development (USAID) will provide credit facilities for Renewable Energy Projects,President’s Media Division said.
රුසියානු හා යුක්රේන නියෝජිතයින් තුර්කියේදී පැවැත්වූ සාම සාකච්ඡාවල පළමු වටය අවසන් කර තිබෙනවා. ඉස්තාන්බූල් නුවර පැවැති එම සාකච්ඡා සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2022 වසරේ Oscars සම්මාන උළෙල මේ වන විට සමාප්ත වී තිබෙනවා. එම සම්මාන උළෙල වෙනත් වසරවල් වලට වඩා විශේෂත්වයක් ගෙන දෙන තැනක් බවට පත්වුයේ කවුරුත් නොසිතු ලෙස සිදුවූ එක් සිදුවීමක් නිසයී.
රුසියාවේ ජනාධිපතිධූරය සම්බන්ධයෙන් අමෙරිකාව සහ රුසියාව අතර මේවනවිට මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය පෝලන්ත සංචාරය අතරතුරදී සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින්. පෝලන්තයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපතිවරයා වෝසෝ නුවරදී ප්‍රකාශ කර ඇත්තේ ව්ලැදිමීර් පුටින්ට තවදුරටත් රුසියානු ජනාධිපතිධූරයේ රැඳී සිටිය නොහැකි බවයි.
ධීවර කටයුතු පිළිබඳ ඉන්දු – ශ්‍රී ලංකා පස්වන ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුව 2022 මාර්තු 25 වන දින අතත්‍ය ආකාරයෙන් පැවැත්විණ. ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. අයි. රත්නායක මහත්මිය විසින් දරන ලද අතර ඉන්දීය කණ්ඩායම ධීවර ලේකම් ශ්‍රී ජතීන්ද්‍ර නාත් ස්වේන් මහතාගේ සහභාගීත්වය යටතේ සහභාගී විය. 2020 දෙසැම්බර් මාසයේදී පැවති ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුවෙන් පසු තත්ත්වය, සිදුවීම් සහ ප්‍රගතිය දෙපාර්ශවය විසින් සමාලෝචනය කරන ලදී.
පේරාදෙණිය රෝහලේ දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කර සිටිනවා.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ බංග්ලාදේශයේ 51වැනි නිදහස් හා ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (26) පස්වරුවේ කොළඹ, ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිදුකෙරෙන සියලු ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
යුක්රේනය තුළ ආරම්භ කළ හමුදා මෙහෙයුමේ පළමු අදියර අවසන් බව රුසියාව පවසනවා. ඒ අනුව නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් කලාපය කෙරෙහි සම්පූර්ණයෙන් අවධානය යොමු කරන බවයි රුසියාව පවසන්නේ. කෙසේවෙතත් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා යුරෝපානු රටවල් පවසන්නේ පූර්ව යුද උපායන් අසාර්ථක විම හේතුවෙන් රුසියාව මෙම ප්‍රකාශය නිකුත් කර ඇති බවයි.
Page 157 of 378