හෙට(30) සියලුම දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ. අයවැයෙන් ප්‍රමාණවත් දීමනා ලබා නොදීම හේතුවෙන් වෘත්තීය සමිති රැසක් එදින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර ඇත. එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.