Sunday, November 29, 2026
Follow Us
ජාත්‍යන්තර වෙළෙඳපොළ දොරටු විවෘත කරන වැඩසටහනේ දොරටු විවෘත වෙයි
අපනයන විභවයක් සහිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ දොරටු විවර කර දෙන Sri Lanka Export Excellence Initiative 2027 (SLEEI) වැඩසටහන සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) දැන් අයදුම්පත් කැඳවයි!

 

​ දේශීය ව්‍යවසායකයන් ගෝලීය තරගකාරිත්වයට සවිබල ගැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒ අනුව මෙම වැඩසටහන මඟින්:
?​අදියර I - ExpoNavigator: වෙළෙඳපොළ ප්‍රවේශ අවශ්‍යතා, නීති අනුගතවීම් සහ අවස්ථා පිළිබඳ පුළුල් දැනුවත්භාවය
?​අදියර II - ExpoScaleUp: අපනයන අලෙවිකරණ සැලසුම් සැකසීම සහ ඇගයීම
?​අදියර III - ExpoConnect: වෙළෙඳපොළ අධ්‍යයන වාර්තා, ජාත්‍යන්තර ප්‍රදර්ශන සහ විදේශීය වෙළෙඳ හමු හරහා සෘජු අපනයන ප්‍රවේශය
​සුදුසුකම් ලබන ක්ෂේත්‍ර:
✨️​සැකසූ ආහාර සහ පාන වර්ග
✨️​තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්‍රියා බාහිරකරණය (ICT/ BPO)
✨️​පොල් ආශ්‍රිත නිෂ්පාදන
✨️​ආයුර්වේද, ශාකසාර ආලේපන හා රූපලාවණ්‍ය නිෂ්පාදන
✨️ ​කුළු බඩු, සගන්ධ තෙල් හා ආශ්‍රිත නිෂ්පාදන
✨️​කුඩා භාණ්ඩ, හස්ත කර්මාන්ත, විලාසිතා සහ ජීවන රටා ආශ්‍රිත නිෂ්පාදන
​
?​100% ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත, වසර 3ක් සපුරා ඇති සහ අපනයන ගමනාන්ත 5කට වඩා අපනයනය නොකරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අයදුම් කළ හැකිය.
?​අයදුම්පත් මාර්ගෝපදේශය www.srilankabusiness.com හි "නිවේදන" කොටසෙන් ලබාගත හැකිය.
?​සම්පූර්ණ කළ අයදුම්පත් සියලුම උපකාරක ලියකියවිලි සමඟ 2026 දෙසැම්බර් 15 දින හෝ ඊට පෙර භාරදිය යුතුය.
?​වැඩි විස්තර සඳහා ප්‍රාදේශීය සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ නිපුණි මුණසිංහ මහත්මිය 011-2300716 හෝ 011-2300705-11 (දිගුව 335) / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.