Saturday, July 05, 2025
Follow Us
රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද හමු වුණා. දේශපාලන ස්ථාවරත්වය ඇති කර වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට හැකියාවක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමෙරිකානු තානාපතිනිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ජනතාව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණයන් සිදුකර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව ද ඇය කාතානායකවරයා හමුවේ අවධාරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇමරිකාව නිරතුරුව ලබා දෙන සහාය පිළිබදව ද මෙහිදී කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කර තිබෙනවා.

Neth