ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය PIN සහ TIN ලබාගැනීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල හෙට (28) සහ අනිද්දා (29) විවෘතව තැබීමට කටයුතු කරන බව වාර්තා වේ.
2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නියමිත කාලසීමාව තුළ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමෙන් අවසන් මොහොතේ ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකි බවයි.
ඒ අනුව, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් අවශ්‍ය නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.ird.gov.lk වෙත පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකියි.