Friday, May 03, 2024
Follow Us
යුක්රේන අර්බුදය ගැන රුසියාවෙන් ප්‍රංශයට සහ ජර්මනියට අනතුරු ඇගවීම්

පවතින යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා යුක්රේනය සමග සාකච්ඡා මාර්ගයකට එළඹීමට සූදානම් බව රුසියාව යළිත් වරක් අවධාරණය කරනවා. ප්‍රංශ සහ ජර්මානු නායකයින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති කාර්යාලය ඒ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ප්‍රංශ සහ ජර්මානු නායකයින් මෙන්ම රුසියානු ජනාධිපතිවරයා අතර ඊයේ විනාඩි 80 ක කාලයක් පුරා පැවැති දුරකථන සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවධානය යොමුව තිබුණා.

යුක්රේනය සමග පවතින යුද ගැටුම් නවතා ඉක්මන් සහ ඍජු තීරණයකට එළඹෙන ලෙසයි ප්‍රංශ සහ ජර්මානු නායකයින් එහිදී රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ. කෙසේවෙතත් යුද ගැටුම් නවතා සාම සාකච්ඡාවකට එළඹීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි සමගින් ඍජු සාකච්ඡාවකට එළඹීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් ද යන්න සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති කාර්යාලය මෙතෙක් අනාවරණ කර නැහැ.

මේ අතර ප්‍රංශය සහ ජර්මානිය කිසිලෙසකින් හෝ යුක්රේනයට අවි ආයුද සැපයීමක් සිදු නොකළ යුතු බවත්, එවැන්නක් සිදුවුවහොත් එහි ප්‍රතිපල භයානක විය හැකි බවත් රුසියානු ජනාධිපතිවරයා දෙරටේ නායකයින් වෙත අනතුරු අගවා ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Neth